(toc) #title=(Table of Content)
අප ගැන
මතුගම අධ්‍යාපන කලාපය 685km2 කින් සමන්විතය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකින් හා අධ්‍යාපන කොට්ඨාස හතරකින් සමන්විත වේ. පස්යොදුන් කෝරළයේ අගනගරය වන මතුගම නිදහස් අධ්‍යාපනයේ අරුණලු රටට උදාකළ පිය නගරය වන්නේය.ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජධානිය පැවති සමයේ පෘතුග්‍රීසි ආධිපත්‍යයට එරෙහිව අභීතව සටන් කළ වීදිය බණ්ඩාර සෙනෙවියාගේ රාජධානිය වු පාලින්දනුවර මෙම අධ්‍යාපන කලාපයට අයත් ය.
මතුගම අධ්‍යාපන කලාපයේ මුළු පාසල් සංඛ්‍යාව 128 ක් වන අතර, එය ජාතික පාසල් 03 කින් හා පළාත් පාසල් 125 කින් යුතුය.එසේම, දුෂ්කර හා අති දුෂ්කර පාසල් 37 ක් ද මෙම කලාපය තුළ ඇත. මෙම භූමිය පහතරට තෙත් කලාපයට අයත් වන අතර ප්‍රධාන හා සුළු අපනයන බෝගවලින් යුත් වාණිජ කෘෂි ආර්ථිකයකට හිමිකම් කියයි. පහතරට තෙත් බිම් ආශ්‍රිතව අහස් දියෙන් කරන වී ගොවිතැන ජීවනෝපාය කරගත් පිරිසක් ද මෙහි වෙසෙති.
ලොගෝව

දැක්ම
ගුණාත්මක අධ්‍යාපනයක්, විශිෂ්ට සේවාවක්
මෙහෙවර
ගුණාත්මක අධ්‍යාපනයක් ස්ථාපිත කිරිම සඳහා අධ්‍යාපන කළමනාකරණයේ විශිෂ්ට ව්‍යවහාරයන් තුළින් පාර්ශවකරුවන් හා සේවාලාභීන් තෘප්තිමත් වන ගුණාත්මක සේවාවක් ලබා දීම.
කලාප ගීතය
ශ්‍රී ලංකා ධරණී තඩාගයේ
සිරි සරසවි සේවිත සියපත සේ
ශිල්ප ශාස්ත්‍ර මකරන්ද සුගන්ධිත
පස් යොදුන් රටේ අභිමානනීය
මතුගම කලාප මාතා.....//
හෙළ මග හෙළි කොට නැණින් පහේලි
සියත් වියත් නැණවතුන් තනා...//
ජාතිය ප්‍රඥාවෙන් පණගන්වා
දේශය ලෝ මුදුනේ රඳවා
යුග යුග වොරඳන මාතා
මතුගම කලාප මාතා
දෑ සිප් පිළිවෙත -සුරකින පේවී
අලුත් වෙමින් නව ලෝකය හා...//
කන්නන්ගර සිරිමත් මග නංවා
දේශය ලෝ මුදුනේ රඳවා
යුග යුග වොරඳන මාතා
මතුගම කලාප මාතා....///
ගී පද - තිලක් පුෂ්පකුමාර මහතා
සංගීතය - බන්දු එස් කන්නන්ගර මහතා