
අංශ ප්‍රධානී : ජී.ජී.ඩී.සී.කුමාරි මිය
(නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ - සංවර්ධන)
ශ්‍රී.ලං.අ.පරි.සේ.-I
🖁Telephone (mobile) - 070-2690971
🕿Telephone (Office) - 034 - 2247218
📧e-mail (office) - devmat@edudept.wp.gov.lk
- අධ්‍යාපන ආංශික සංවර්ධන ප්‍රවේශ රාමුව හා වැඩ සටහන්වලට අදාලව කලාපයේ සමස්ත වාර්ෂික මධ්‍ය කාලීන පස් අවුරුදු සැලැස්ම සැකසීම , ප්‍රගති සමාලෝචනය හා නියාමනය සිදු කිරිම.
- කලාපයට අයත් සියළුම අධ්‍යාපන ආයතන වල වාර්ෂික ,මධ්‍ය කාලින හා පස් අවුරුදු සැලසුම් සකස් කිරීම , සැලසුම් කිරීම , ක්‍රියාත්මක කිරිම ,නියාමනය හා ප්‍රගතිය සමාලෝචනය කිරීම.
- පාසල් වාර්ෂික ඇස්තමේන්තු අනුමත කිරිම.
- කලාප ව්‍යුහ කටයුතු සම්බන්ධව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
- කලාපයට අයත් සියලුම අධ්‍යාපන ආයතන වල භෞතික හා මානව සම්පත් අවශ්‍යතා හදුනා ගැනිම ,ගණනය හා අවශ්‍යතා සැපිරීම සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනිම.
- අධ්‍යාපන කළමණාකරණ තොරතුරු පද්ධතියට (EMIS ) අදාල දත්ත හා තොරතුරු රැස් කිරීම යාවත්කාලින කිරිම සංවිධානය කිරිම විශ්ලේෂණය හා බෙදා හැරීම.
- වාර්ෂික පාසල් සංගණන කටයුතු සම්බන්ධිකරණය කිරිම පිළිබද නියාමනය හා ප්‍රගතිය වාර්තා කිරිම.
- පාසල් නගා සිටුවිමේ වැඩසටහනට අදාල කටයුතු සම්බන්ධීකරණය කිරිම.
- පාසල් වලට ලබා දි ඇති ගුණාත්මක යෙදවුම් හා අනෙකුත් ප්‍රදානයන් භාවිතය සදහා උපදෙස් සැපයීම.
- අධ්‍යාපන පර්යේෂණ කටයුතු සම්බන්ධීකරණය හා අනාවරණවලින් ව්‍යාපෘති සැලසුම් සකස් කිරිම.
- ජලය විදුලිය සනීපාරක්ෂාව ඇතළු පාසල් භෞතික අවශ්‍යතා සම්පුර්ණ කිරීම.
- අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලිය සදහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය ලබා ගැනිම , විදේශාධාර ව්‍යාපෘති සැලසුම් කිරිම , සම්බන්ධිකරණය , නියාමනය , ප්‍රගති සමාලෝචනය හා පසු විපරම් සිදු කිරිම.
- දිස්ත්‍රික් හා ප්‍රාදේශිය සංවර්ධන කම්ටු සදහා අවශ්‍ය වාර්තා සැකසිම හා සැපයිම.
- ඉදිකිරීම් , අලුත්වැඩියා සම්බන්ධ අදාල පාර්ශව සමග සම්බන්ධීකරණය කිරිම.
- අදාල විදේශාධාර වැඩසටහන් මෙහෙයවීම හා අධීක්ෂණය කිරීම.
- විදුහල්පති ධාරිතා සංවර්ධන සදහා කටයුතු කිරීම.
- සැලසුම් අංශයට අදාල කටයුතු අභ්‍යන්තර ඇගයීමකට ලක් කිරිම.
- අවස්ථානුකුලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරිම.
ඔබට මෙම පිටුවෙන් සැලසුම් අංශයට අදාල දෑ බාගත කරගත හැක.